Monday, March 31, 2014

බැංකු මැනේජර්ට පිහියෙන් ඇන ලක්ෂ 14ක් කොල්ල කති

Robbery

පැය විසි හතර පුරා විවෘතව තබන සීදුවේ පිහිටි කොමර්ෂල් බැංකු ශාඛාවට ඉරිදා (30) මධ්‍යම රාත‍්‍රියේ මුහුණූ ආවරණය වන පරිදි යතුරුපැදි හිස්වැසුම් පැළඳ කඩා වැදුණු කොල්ලකරුවන් සිව් දෙනෙක් රුපියල් ලක්‍ෂ14 ක මෙරට මුදල් හා විදෙස් මුදල් තොගයක් පැහැර ගෙන ගොස් තිබේ. බැංකුවේ ඒ වනවිට සිටි කළමනාකරුටද කොල්ලකරුවන්පිහියකින් ඇන ඇති බව පොලිසිය සඳහන් කරයි. කලමණාකරු රෝහල්ගත කර තිබේ. කොල්ලකන ලද විදෙස් මුදල් ප‍්‍රමාණය කොතරම්දැයි මෙතෙක් ගණන් බලා නැතැයි පොලිසිය සඳහන් කරයි. 
සිද්ධිය වන අවස්ථාවේ දී කළමනාකරු සමග අයකැමිවරයකු, ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙකු එම බැංකුවේ සිට ඇත. ඒ අයට ගිනි අවි දෙකක් එල්ල කොට බිය ගන්නවා මෙම කොල්ලය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. සීදුව පොලිසියත් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයත් එක්ව විමර්ශන පවත්වයි.

Sunday, March 30, 2014

මේ දිනවල ලොව පුරා තිරගතවන අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටය



3 Days to Killමේ දිනවල ලොව පුරා සිනමාහල්හි තිරගත වන අතිශය ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපටයක්. වෙනස්ම ආකාරයක කතා තේමාවක් ඔස්සේ දිවෙන 3 Days to Killනිර්මාණය කළේ ඇමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ ර්ජට් විසින්. 3 Days to Kill චිත්‍රපටය රචනා කර තිබෙන්නේ පසුගිය දිනවල හොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ඊචඬඥද 2 හි තිරපිටපත් රචක ඹ්භජ ඕඥඵඵධද.
ඒතන් රෙනර් අත්දැකීම් සපිරි ඇමෙරිකානු ඛිඒ නියෝජිතයෙක්. ඔහු මේ දිනවල එක්ව සිටින්නේ ත්‍රස්තවාදීන් සඳහා නීතිවිරෝධී ආයුධ හා බෝම්බ සපයනසූක්ෂ්ම පුද්ගලයන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුමක. මේ සිදුවීම් අතරතුර රෙනර් දැඩි ලෙස රෝගාතුර වනවා. ඔහු පීඩා විඳි ඒ අසාධ්‍ය කැස්ස තත්ත්වයට හේතු වුණේ ඔහුට වැළඳී තිබූ මොළයේ පිළිකාව පෙනහළු දක්වා ව්‍යාප්තව තිබිමයි. තමන් මුහුණ දී සිටින මෙම අසාධ්‍ය මෙන්ම භයානක ඉරණම අනුව තම ජීවිත කාලය බොහොම කෙටි බව රේනර් විසින් අවබෝධ කරගනු ලබනවා. මේ නිසාම ඔහුට අවශ්‍ය වනවා තමන් අතින් ගිලිහී ගිය සිය ආදරණීය බිරිඳ හා දියණිය සමග නැවතත් එකතුවන්නට. එම අහිමි වූ සබඳතාවයන් නැවත ගොඩනගාගන්නට. එම අභිලාෂයෙන් රේනර් ප්‍රංශයට යනවා. එම ගමනෙන් ඔහුගේ පෞද්ගලික අභිලාෂයන් ඉටුවේද? ඔහු සම්බන්ධව සිටි ඛිඒ මෙහෙයුම සාර්ථකවේද? දිගු කලක් ඔහුගෙන් වෙන්ව සිටි බිරිඳ හා දියණිය රේනර්ව නැවත පිළිගනීද? 3 ච්චරඵ බධ ම්ඪතත මෙවැනි ගැටලු රැසක් ඔස්සේ දිවෙන අපූර්ව ක්‍රියාදාම චිත්‍රපටයක්.
3 ච්චරඵ බධ ම්ඪතත හි ප්‍රධාන භූමිකාව වන රේනර් ලෙස රංගනයෙන් දායක වන්නේ අකාර්ෂණීය හොලිවුඩ් නළු ම්ඥමඪද ඛිධඵබදඥප. ඇකඩමි සම්මාන ද්විත්වයක් හිමිකරගෙන සිටින කෙවින් තවත්සුවිශේෂී සම්මාන රැසකින් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පියෙක්. රේනර්ගේ දියණිය වන ඛධඥර ලෙස ඩ්චඪතඥඥ ඩ්ඥචපඤ, 3 ච්චරඵ බධ ම්ඪතත සඳහා සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඊට අමතරව ඒථඡඥප ඩ්ඥචපඤ, ඛිධදදඪඥ ව්ඪඥතඵඥද, අඪජඩචපඤ ඉචථථඥත, ඊධථචඵ ඹ්ඥථචපඳභඪඵ වැනි හොලිවුඩ් හි නම තැබූ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් 3 ච්චරඵ බධ ම්ඪතත හි ප්‍රධාන භූමිකාවන් සඳහා එක්ව සිටිනවා.
3 ච්චරඵ බධ ම්ඪතතනිෂ්පාදන කටයුතු ආරම්භ වූවේ 2013 වසරේ ජනවාරි මාසයේදී. ජනවාරි 31 වනදා වනවිට චිත්‍රපටය රූගත කරන අතරතුර ගත් ඡායාරූප දැකගැනීමටත් ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබුණා. 3 ච්චරඵ බධ ම්ඪතත තිරගතවීම ආරම්භ වූවේ මෙම වසරේ පෙබරවාරි 24 වනදා ලොස් ඇන්ජලීස්හි දී.
සිනමාපටයේ නම තරම්ම අන්තර්ගතය සාහසික නොවුණත් විනාඩි 117ක් පුරාවටම ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය නොබිඳී තබාගන්නට තරම් වූ විස්මයජනක ක්‍රියාදාමයන් 3 ච්චරඵ බධ ම්ඪතත හි ඇතුළත්. ර්ච්ඡ සිනමා දර්ශකයේ 6.4ක අගයක් හිමිකරගෙන සිටින විචාරකයින් අතර තරමක් විවේචනයට ලක්වූවත්ප්‍රේක්ෂකයන් අතර නම් ජනප්‍රියයි.

මාතරින් නිලියන්ට මනාපය අඩුවෙයි

Anarkali

මෙවර දකුණු පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වු නදීශා හේමමාලි මෙනෙවිය සහ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් ඉදිරිපත් වු හිටපු මන්ත‍්‍රීනි අනර්කලී ආකර්ෂා මෙනෙවිය මනාප සටනෙන් පරාජයට පත්වී ඇත. අනර්කලී ආකර්ෂා ඡන්ද 8842 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 18 වැනි ස්ථානයේ සිටින බවත් ,එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නදීෂා හේමමාලී ඡන්ද 11006 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ වැනි ස්ථානයටත් පත්ව සිටී.