Monday, March 31, 2014

බැංකු මැනේජර්ට පිහියෙන් ඇන ලක්ෂ 14ක් කොල්ල කති

Robbery

පැය විසි හතර පුරා විවෘතව තබන සීදුවේ පිහිටි කොමර්ෂල් බැංකු ශාඛාවට ඉරිදා (30) මධ්‍යම රාත‍්‍රියේ මුහුණූ ආවරණය වන පරිදි යතුරුපැදි හිස්වැසුම් පැළඳ කඩා වැදුණු කොල්ලකරුවන් සිව් දෙනෙක් රුපියල් ලක්‍ෂ14 ක මෙරට මුදල් හා විදෙස් මුදල් තොගයක් පැහැර ගෙන ගොස් තිබේ. බැංකුවේ ඒ වනවිට සිටි කළමනාකරුටද කොල්ලකරුවන්පිහියකින් ඇන ඇති බව පොලිසිය සඳහන් කරයි. කලමණාකරු රෝහල්ගත කර තිබේ. කොල්ලකන ලද විදෙස් මුදල් ප‍්‍රමාණය කොතරම්දැයි මෙතෙක් ගණන් බලා නැතැයි පොලිසිය සඳහන් කරයි. 
සිද්ධිය වන අවස්ථාවේ දී කළමනාකරු සමග අයකැමිවරයකු, ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙකු එම බැංකුවේ සිට ඇත. ඒ අයට ගිනි අවි දෙකක් එල්ල කොට බිය ගන්නවා මෙම කොල්ලය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. සීදුව පොලිසියත් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයත් එක්ව විමර්ශන පවත්වයි.

No comments:

Post a Comment